ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයින් යැවූ තිදෙනෙක් අත්අඩංගුවේ

ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයින් යැවූ තිදෙනෙක් අත්අඩංගුවේ

July 25, 2014   12:22 pm

තමිල්නාඩුවේ පුදුච්චෙරි ප්‍රදේශයේ සරණාගත කඳවුරක සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවූ ශ්‍රී ලාංකික සරණාගතයින් 157 ක පිරිස යැවූ බව කියන ධීවර යාත්‍රා හිමිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුදුච්චෙරි පොලීසිය විසින් මොවුන් තිදෙනා ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

මංචනී,රාජු,සංජීව් යන සැකකරුවන් තිදෙනාගෙන් කරනු ලැබූ මූලික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ විජයන් නමැති ශ්‍රී ලාංකික සරණාගතයෙකු විසින් මෙම ධීවර යාත්‍රා සංචාරයක් සඳහා කුලී පදනම මත ලබාගත් බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුදුච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේවන විට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවී ඇති ශ්‍රී ලාංකික සරණාගතයින් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දීය මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලීමක් කර තිබේ.