සංගීත භාණ්ඩ ගොඩනැඟිල්ලට ගිනිතියලා

සංගීත භාණ්ඩ ගොඩනැඟිල්ලට ගිනිතියලා

July 25, 2014   10:57 am

මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පාසලක සංගීත භාණ්ඩ ගබඩා කර තිබු ගොඩනැඟිල්ලක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

අද (25) අළුයම මෙය සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් ගොඩනැගිල්ලේ තිබු සංගීත භාණ්ඩ සහ සිසුන්ගේ ඇඳුම් තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.