ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පෙරමුණේ

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පෙරමුණේ

July 25, 2014   09:32 am

දකුණු ආසියාවේ ඉහළම මානව සංවර්ධනය සහිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සිදුකළ ශ්‍රේණිගත කිරිම් වලට අනුව ලෝකයේ සියලු රටවල් සැලකීමේ දි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 73 වන ස්ථානයයි.

මිට පෙර ශ්‍රී ලංකාව 75 වන ස්ථානයේ සිටි අතර මෙවර ශ්‍රේණිගත කිරිමේදී ස්ථාන 02ක් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

මානව සංවර්ධන දර්ශකයේ ඉහළින්ම සිටින්නේ නෝර්වේ රාජ්‍යයි.

ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවල් පිළිවෙළින් සෙසු ස්ථාන හිමි කරගෙන තිබේ.

දකුණු ආසියාවේ දෙවන ස්ථානය නේපාලයට හිමිව ඇති අතර පකිස්ථානය සහ ඉන්දියාව පිළිවෙළින් සෙසු ස්ථාන හිමිකරගෙන තිබේ.