රක්ෂිත කිහිපයක හදිසි ගිනි ගැනීම්

රක්ෂිත කිහිපයක හදිසි ගිනි ගැනීම්

July 25, 2014   07:25 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රක්ෂිත වල හදිසි ගිනි ගැනීම් හටගෙන තිබේ.

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව යුද හමුදා කඳවුර ආසන්නයේ තේක්ක වඟාවක හටගත් ගින්නකින් අක්කර 20ක පමණ ප්‍රදේශයක් හානියට පත්ව ඇති බව වාර්තා වෙයි .

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේ දි ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 100ක පමණ භූමි ප්‍ර දේශයක් විනාශ වී තිබේ.

දඹගල්ල, කිරිවැල්ගොඩ රක්ෂිතයේ අක්කර ‍35ක පමණ ප්‍රමාණයක් ඊයේ(24) පස්වරුවේ ඇති වු ගින්නකින් ගිනි ගෙන විනාශ වී ඇති බව පොලිසිය පැවසුවේය.

මින්නේරිය, නාගලකන්ද ප්‍රදේශයේ ද ඊයේ දහවල් ඇති වූ ගින්නද මැඩපවත්වා තිබේ.

ගින්නෙන් අක්කර 12ක් පමණ විනාශ වි ඇති බවයි වාර්තා වෙයි.