අතුරුදහන් වු  ගුවන් යානය කඩා වැටෙයි

අතුරුදහන් වු ගුවන් යානය කඩා වැටෙයි

July 24, 2014   09:52 pm

අද(24) අතුරුදන් වූ බවට වාර්තා පළ වු AH5017 දරණ ගුවන් යානය නයිගර් රාජ්‍යයට කඩා වැටී ඇතැයි විදේශ වාර්තා පළ කරයි.

ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ ඇල්ජීරියානු ගුවන් සමාගම විසින් මෙහෙය වන මෙම ගුවන් යානය මෙලෙස අතුරුදන්ව ඇත්තේ නයිගර් රාජ්‍යයේ අගනගරය වන නයමේ ගුවන් කලාපයට පිවිසීමෙන් පසුව බවයි.

බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝහි ඔවාගඩව්ගෝ ගුවන් තොටුපලෙන් එය ගමන් ආරම්භ කර තිබේ.

එලෙස ගමන් ආරම්භ කිරීමෙන් විනාඩි 50 කට පසුව ඒ සමඟ පැවති සියලූ සම්බන්ධතා බිඳ වැටුණු බව ඇල්ජිරියානු ගුවන් සමාගම පැවසුවේය.

එහි ගමන් කළ මගීන් සංඛ්‍යාව 110 දෙනෙක්. කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු දඑහි ගමන් කර තිබේ.