බ්‍රොඩ්ලන්ඩ් ව්‍යාපෘතිය නතර කළ යුතුයි
July 24, 2014 04:11 pm
බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා දැනුම් දී තිබේ.
අඹගමුව ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අද(24) පැවති කමිටු රැස්වීමේ දි මේ බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට සහ පොලීසියට දැනුම් දි ඇති බව සඳහන් වෙයි.
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබුණ ද ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ බොහෝ පිරිසක් වෙනුවෙන් වන්දි මුදල් ගෙවා නොමැති බවට දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය සංවර්ධන කමිටු වලට පැමිණිලි රැසක් ලැබී තිබේ.
දේශිය කමිටු රැස්වීම් වලට සහභාගි වන ලෙසට අවස්ථා ගණනාවකදි දැනුම් දි තිබුණ ද ඔහු එම රැස්වීම් වලට සහභාගි වි නොමැති බව සඳහන් වෙයි.
අද(25) පැවති රැස්වීමේ දි අනාවරණය වූ මෙම කරුණු සැලකිල්ලට ගත් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා මේ පිළිබඳ ව්‍යාපෘති අධ්යක්ෂවරයා කරුණු පැහැදිලි කරන තෙක් ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය .
මේ අතර අද පැවති රැස්විමේ දි තේ වතු ආශ්‍රිතව කම්කරුවන්ට එල්ල වන බඹර ප්‍රහාර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
බඹර කූඩු බැඳ ඇති ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කර නිසි ආරක්ෂාව ලබාදෙන තෙක් වතු කම්කරුවන්ට ඒ ආශ්‍රිතව සේවයේ නොයෙදෙන ලෙස තමන් දැනුම් දෙන බව ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යවරයා වතු අධිකාරිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.