නම රැකගන්න මහ ඇමතිගෙන් පැමිණිල්ලක්
July 24, 2014 04:08 pm
අසත්‍යය ප්‍රකාශයක් සිදුකර තමාගේ කිර්තිනාමයට හානි කළ බව පවසමින් රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අද(24) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය වෙත ප්‍රධාන අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තමාට, ප්‍රසන්න රණතුංග ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රිකට් පිත්තකින් පහරදුන් බවට රාජගිරිය ප්‍රදේශයේ පදිංචි දීගන විතානගේ පියසේන නැමැති පුද්ගලයෙකු පසුගිය 22 වැනිදා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබුණි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දි අදාළ පුද්ගලයා විසින් අසත්‍යය පැමිණිල්ලක් සිදුකළ බවට තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.
අසත්‍යය පැමිණිල්ලක් සිදුකළ දීගන විතානගේ පියසේන නැමැති පුද්ගලයාට එරෙහිව නඩු පවරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාල පුද්ගලයාට එරෙහිව ප්‍රසන්න රණතුංග මහතා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.