රාජකාරියට බාධාකළ පුද්ගලයෙකු  සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි

රාජකාරියට බාධාකළ පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි

July 24, 2014   03:53 pm

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ සහ අදායම් පරීක්ෂකවරයෙකුගේ රාජකාරීයට බාධා එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද(24) පස්වරුවේ ගම්පොළ, දුම්රියපොළ පාරේ පිහිටි අනවසර එළවළු වෙළඳසැල් ඉවත් කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ අදායම් පරීක්ෂකවරයෙකුට එම ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු වල නිරතවී සිටි එළවළු වෙළෙන්දෙකු විසින් අඩත්තේට්ටම් කර ඇති බව අප වාර්තාකරු පවසයි.

අනවරයෙන් පදිකවේදීකාවේ පවත්වගේන යන එම වෙළඳාම නවත්වන ලෙස අදාළ නිලධාරීන් විසින් ප්‍රකාශකර සිටි අවස්ථාවේදී එම ස්ථානයේ වෙළඳාම් කරන පුද්ගලයා විසින් ඔවුන් දෙදෙනාගේ රාජකාරී නිල ඇඳුම් වලින් ඇද තියුණු ආයුධයකින් පහරදීමට උත්සහකර ඇති බව ගම්පොළ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ නාගරික මන්ත්‍රී සමන්ත අරුණ කුමාර මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දෙදෙනා ගම්පොළ පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඊට පොලීසිය විසින් නිසි ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් ගම්පොළ නගර සභාවේ සේවකයින් විරෝධය පළ කර තිබේ.

එම නගර සභාවේ සියලුම සේවකයින් පදික වේදිකාවේ ඇති අනවසර වෙළඳසැල ඉදිරිපිටට ගොස් විරෝධදාවයක නිරත වී ඇති අතර එම අවස්ථාවේදී අදාළ වෙළෙන්ඳා එම ස්ථානයේ නොසිට ඇත.

ඉන් අනතුරුව අදාළ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි ගම්පොළ පොලීසියේ නිලධාරීන් පැමිණ ‍සැකකරු පැයක් ඇතුළත අත්අඩංගුයට ගන්නා බවට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් වී තිබේ.