ත්‍රීරෝද රථයක් පෙරළී 7ක් රෝහලේ

ත්‍රීරෝද රථයක් පෙරළී 7ක් රෝහලේ

July 24, 2014   02:15 pm

බදුල්ල, තැන්නගොල්ල, බෝගහඅරාව ප්‍රදේශයේ දි සිදුවු රිය අනතුරකින් ළමුන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝ ද රථයක් පෙරළීයාමෙන් අනතුරුව සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථයේ රියදුරු ඇතුළු පාසල් ළමුන් 05 දෙනෙකු සහ ගුරුවරියක් සිට ඇති බව සඳහන් වෙයි.

අනතුරෙන් තුවාල ලැබු පිරිස ප්‍රතිකාර සඳහා තැන්නගොල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පාසල් ළමුන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා ඇති බව පොලසියි පැවසුවේය.

බදුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.