හරීන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරෙයි

හරීන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරෙයි

July 24, 2014   01:27 pm

ඌව පළාත් සභාවේ මොණරාගල හා බදුල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී ධූර සංඛ්‍යාව වෙනස්වීමට අදාළව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ඌව පළාත් සභාවට අයත් බදුල්ල දිස්ත්‍රීක්කයේ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයින් 18 දෙනෙකුද, මොණරාගල දිස්ත්‍රීක්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකුද තෝරාපත් කරගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිවේදනය කර තිබිණි.

ඒ අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්කවලින් නම් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිවෙලින් 21 ක් හා 17 ක් වන අතර එහිදී බදුල්ල දිස්ත්‍රීක්කයෙන් මන්ත්‍රී ධූර 3ක් අඩුවී එය මොණරාගලට එකතුකර ඇත.

මෙලෙස මන්ත්‍රී ධූර සංඛ්‍යාව හුවමාරු කිරීමෙන් අසාධාරණයක් සිදුවන බැවින් එය නීති විරෝධී යයි ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.