ඝාතකයින් සිව්දෙනෙකුට දඬුවම මරණයයි!

ඝාතකයින් සිව්දෙනෙකුට දඬුවම මරණයයි!

July 24, 2014   12:13 pm

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට මහනුවර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

1999 වසරේ සැප්තැම්බර් මස 02 වන දින චානක පෙරේරා නමැති පුස්සැල්ලාව,පලාගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

එහෙත් වසර කිහිපයක් තිස්සේ මෙම නඩුව විභාග වෙමින් පවතිද්දී එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඉතිරි සැකකරුවන් සිව්දෙනාට අද (24) දින මෙලෙස මරණ දඬුවම නියම වී තිබේ.

නඩු අංක එච්.සී 152001 යටතේ මෙම නඩුව 2001 වසරේ සිට මහනුවර මහාධිකරණයේ විභාගයට ගෙන ඇති අතර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් මෙම තීන්දුව ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වන වගන්තිය අනුව මෙලෙස මරණ දඬුවම හිමිවූයේ පී.බී රුවන් පෙරේරා,ඩබ්ලිව්.එම් බ්‍රයන් අබේසිංහ,එම්. අනුර ප්‍රියන්ත කුමාර සහ එච්. රොෂාන් යන අයටය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.