විදුහලේ පරිගණක වලට විද්ද 5ක් දැලේ

විදුහලේ පරිගණක වලට විද්ද 5ක් දැලේ

July 24, 2014   12:10 pm

රුග්ගහවිල ප්‍රදේශයේ පාසලක පරිගණක කොටස් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව පොලිස් ස්ථානයට ලැබුණු තොරකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද පරිගණක කොටස් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් 17 වන සහ 18 වන වියේ පසුවන එම පාසලේම අධ්‍යාපනය හැදෑරූ සිසුන් පිරිසක් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(24) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.