බහින්බස්වීම දුරදිග යයි

බහින්බස්වීම දුරදිග යයි

July 24, 2014   10:13 am

අරලගංවිල, මගුල්දමන ප්‍රදේශයේ දි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකදි අදාළ පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි මගුල්දමන මෛත්‍රිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.