දෙවන තරඟයේ කාසියේ ‍වාසිය ලංකාවටයි

දෙවන තරඟයේ කාසියේ ‍වාසිය ලංකාවටයි

July 24, 2014   09:57 am

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

අද(24) තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා ඇති අතර ශමින්ද එරංග වෙනුවට ධම්මික ප්‍රසාද් කැඳවා තිබේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය හිමිකර ගන්නා ලදී.

මේ අතර එළඹෙන පකිස්ථාන සංචාරය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මාවන් අතපත්තු පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඊයේ(23) දිනයේ රැස්වු විධායක කමිටුව විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි.

රුවන් කල්පගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ වැඩබලන සහකාර පුහුණුකරු ලෙස පත් කර තිබේ.