අධිවේගයේ මන්දවේගයෙන් පාපැදියේ ගිය ක්‍රීඩයින් මාට්ටුවෙලා

අධිවේගයේ මන්දවේගයෙන් පාපැදියේ ගිය ක්‍රීඩයින් මාට්ටුවෙලා

July 24, 2014   07:16 am

ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු ස්කොට්ලන්තයේ අධිවේගි මාර්ගයක පාපැදිවලින් ගමන් කර තිබේ.

අදාළ ක්‍රීඩකයින් සිව්දෙනා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර අධිවේගි මාර්ගයක මෙලෙස පාපැදිවලින් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඔවුන් විසින් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කර ඇති බැවින් වහාම පාපැදිවලින් බසින මෙන් ඔවුන්ට උපදෙස් ලබාදී තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනා අධිවේගී මාර්ගයේ පාපැදිවලින් ගමන් කරන ඡායාරූපද විදෙස් මාධ්‍යවල පළවී ඇති බව සඳහන්ය.

මීට පෙරද 2002 වසරේ මැන්චෙස්ටර් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවු කෙන්යානු ජාතික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද අධිවේගී මාර්ගයේ පාපැදි වලින් ගමන් කර ඇති බව වාර්තා වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සැණකෙළිය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ඊයේ රාත්‍රීයේ ආරම්භ විය.