අකුරට ගිය පුංචි ළමෝ රෝහලේ නවති

අකුරට ගිය පුංචි ළමෝ රෝහලේ නවති

July 23, 2014   08:25 pm

බගවන්තලාව, කැම්පියන් ඔල්ඩි දෙමළ මහා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ ළමුන් 67 දෙනෙකු ආහාර විෂ වීමක් නිසා අද (23) පස්වරුවේ බගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබේ.

එම පාසලේ ලබාදුන් දිවා ආහාරය විෂ වීමෙන් මෙම ළමුන් රෝහල්ගත කර ඇත.

දිවා ආහාරයට බත් සමඟ බිත්තර සහ තවත් ව්‍යාංජනයක් ලබාදුන් බවත්, එම ළමුන්ගේ මව්පියන් පවසයි.

පාසල් හැර යාමෙන් පසු නිවසේදී හදිසියේ ළමුන් රෝගාතුර වූ බව එම ළමුන්ගේ මව්පියන් කියයි.

රෝගාතුරු වූ ළමුන්ගේ රෝග ලක්‍ෂණ වනුයේ පාචනය හා වමනය බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයා පැවසුවේය.

මෙම සිදුවීම පිළිබඳව බගවන්තලාව පොලිසිය වෙනමම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.