සිව්වසරක දීමනා මාසයෙන් ගෙවනු
July 23, 2014 08:09 pm
මාදම්පේ - බූවල්කා ආයතනයේ සේවය කළ සේවකයින් 67 දෙනෙකුට වසර 04 ක කාලයක් ගෙවා නොමැති අතිකාල දීමනාව වන රුපියල් 9,730,530 ක මුදල මාසයක කාලයක් ඇතුළත ඔවුන්ට ගෙවන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා එම සමාගමට නියෝග කර තිබේ.
ඉන්දීය ජාතිකයෙකුට අයත් මෙම කර්මාන්ත ශාලාව තුළ පරණ යකඩ උණූ කර නැවත යකඩ නිෂ්පාදනය කර අලවි කිරීම සිදු කරයි.ඉන්දීය ජාතික සේවකයින් මෙන්ම මෙරට සේවකයින්ද මෙම කර්මාන්ත ශාලාවෙහි සේවය කරයි.
කම්කරුවෙකු දෛනිකව පැය 08 කාලයක් සේවය කළ යුතු නමුත් මෙම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය තම සේවකයින්ගෙන් දිනකට පැය 12 ක සේවයක් ලබා ගෙන ඇත.ඒ අනුව තමන්ට වැඩ කරන ලද එක් දිනකට පැය 04 ක අතිකාල දීමනාවක් ගෙවන ලෙස ඉල්ලමින් සේවකයින් 67 දෙනෙකු හලාවත කම්කරු කාර්යාලයට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති කම්කරු නිලධාරීන් පැමිණිලිකාර සේවකයන්ට වසර 04 ක කාලයකින් අතිකාල දීමනා නිසි පරිදි ගෙවා නොමැති බවට අනාවරණය කර ගෙන තිබේ.
ඒ අනුව අදාළ මුදල ගෙවීමට නියෝග කරණ ලෙස ඉල්ලමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් බූවල්කා ආයතනයට එරෙහිව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.එම නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ අගතියට පත්ව ඇති සේවකයින්ට ගෙවිය යුතු රුපියල් 97,30,530 ක මුදල ගෙවන ලෙසය.
නමුත් එම මුදල ගෙවීම ප්‍රතික්ෂේප කළ බූවල්කා ආයතනයේ පාලකයින් විසින් හලාවත මහාධිකරණයට අභියායචනයක් ඉදිරිපත් කරන ලදී.එහි සඳහන් කර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාව ඉංජිනේරු කාර්යංශයට අයත් නොවන බැවින් එවැනි මුදලක් ගෙවීම අනවශ්‍ය බවය.
එම අභියායචනය ප්‍රතික්ෂේප කළ හලාවත මහාධිකරන විනිසුරු අමල් තිලකරත්න මහතා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය තහවුරු කළේය.
එමෙන්ම සේවකයින් වෙත ගෙවීමට ඇති මුදල වෙනුවෙන් පොලියද,නඩු ගාස්තු ලෙස රුපියල් 15,000 ක මුදලක්ද ගෙවන ලෙසද මහාධිකරන විනිසුරුවරයා බූවල්කා පාලකයින්ට නියම කර තිබේ.
මෙම මුදල මාසයක කාලයක් තුළ ගෙවිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.
කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරී සනත් ලංකා මහතා පෙනී සිටි අතර අගතියට පත්ව ඇති කම්කරුවන් වෙනුවෙන් නීතිඥ හිලරි ප්‍රසන්න මහතා පෙනී සිටියහ.