තායිවානයේත් ගුවන් අනතුරක්

තායිවානයේත් ගුවන් අනතුරක්

July 23, 2014   07:41 pm

තායිවානයේ මගී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 40ට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

තායිවානයේ මැගොන්ග් ගුවන් තොටුපළේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුව ඇත්තේ එය හදිසියේම ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමගම බව විදෙස් වාර්තා කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 54 දෙනෙකු එහි සිට ඇති අතර කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකුද එහි සිටි බව පැවසෙයි.

ජී.යී 222 නැමැති ගුවන් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

පසුගියදා මලයාසියානු ගුවන් යානයක් යුක්රේන හා රුසියානු දේශසීමාව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 295ක් මියැදුණි.