තවත් 3ට උසාවි එන්න කියලා

තවත් 3ට උසාවි එන්න කියලා

July 23, 2014   04:34 pm

උතුරුමැද පළාත් අයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඔහුගේ මුහුණට සහ ඇස්වලට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ආයුර්වේද වෛද්‍යවරයෙකුට, හිටපු හමුදා නිලධාරියෙකුට සහ මාලු වෙළඳාමේ නිරතවු පුද්ගලයෙකුට ලබන නොවැම්බර් මස 19 වනදින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු දම්මික ගනේපොල මහතා නියෝග කර ඇති බව සඳහන් වෙයි.

සිද්ධියට අදාළ නඩුව අද(23)  දිනයේ විභාගයට ගැනීමට නියමතව තිබුණ ද එම නඩු වාරය කල් දමා ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2013 වසරේ පෙබරවාරි මස 22 වනදා උතුරුමැද පළාත් අයුර්වේද කොමසාරිස්වරයා ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.