ළහිරු තිරිමාන්නට නායකත්වය හිමිවෙයි

ළහිරු තිරිමාන්නට නායකත්වය හිමිවෙයි

July 23, 2014   03:58 pm

17 වන අසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්න වෙත ලබා දී තිබේ.

එළඹෙන සැප්තැම්බර් මස 19 වන දින සිට ඔක්තෝම්බර් මස 04 වන දින දක්වා 17 වන දකුණු අසියානු ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු කරමින් පවතියි.

‍එසේම මෙම ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ධූරය සඳහා උපුල් තරංග පත් කර ඇති බවද සඳහන් වෙයි.