බණ්ඩාරවෙල වෙළඳසැල් කිහිපයක ගින්නක්

බණ්ඩාරවෙල වෙළඳසැල් කිහිපයක ගින්නක්

July 23, 2014   11:09 am

බණ්ඩාරවෙල, ධර්මවිජය මාවත ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් වෙළඳසැල් 04 න් සමන්විත ගොඩනැගිල්ලේ වෙළඳසැල් 02ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව සඳහන් වෙයි.

බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, බණ්ඩාරවෙල විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ගින්න සම්පුර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදුවු අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.