පහළොස් වියැති දැරියට අසල්වැසියෙක් හදිකරලා

පහළොස් වියැති දැරියට අසල්වැසියෙක් හදිකරලා

July 23, 2014   10:22 am

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ මදුරන්කුලිය - මුක්කුතොඩුවාව පදිංචිව සිටින පාසල් සිසුවියකි.

මෙම දැරිවියගේ පියා රියදුරෙකු ලෙස සේවය කරන බැවින් නිතර නිවසින් බැහැර වාසය කරන බවත්,ඇය නිවසේ සිට ඇත්තේ තම මව සහ සහෝදරයා සමග බවත් පොලීසිය කියයි.

සිද්ධිය වූ දින වැසිකිළියාම සඳහා ඇය නිවසින් පිටතට පැමිණි ඇවස්ථාවේදී සැකකරු විසින් මෙම අපරාධය සිදු කර පලාගොස් ඇත.

සැකකරු නිතර මෙම දැරිවියගේ නිවසට යන එන අයෙකු බව ඇය පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.