රිය අනතුරකින් පස් හැවිරිදි දැරිය මරුට

රිය අනතුරකින් පස් හැවිරිදි දැරිය මරුට

July 23, 2014   09:06 am

පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ කැකිරාව හන්දිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.

මාර්ගය අයිනේ නවතා තිබු ලොරි රථයක් එකවරම මාර්ගයට ගැනීමට උත්සාහ ගැනීමේදී මාර්ගයේ ගමන් කළ යතුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, කාන්තාවක් සහ කුඩා දැරියක් බරපතළ තුවාල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමේ දී කුඩා දැරිය මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 05 හැවිරිදි හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(23) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.