සිංහල චිත්‍රපටි හොරෙන් ගැසූ 2ක් මාට්ටු

සිංහල චිත්‍රපටි හොරෙන් ගැසූ 2ක් මාට්ටු

July 23, 2014   08:53 am

නීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට අන්තර්ගත ඩීවීඩි තැටි අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු පුද්ගලයින් දෙදෙනෙකු මාරවිල, මහවැව නරගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාරවිල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී සිංහල චිත්‍රපට අන්තර්ගත ඩීවීඩි තැටි 200 ක්, විවිධ වර්ගයේ ඩීවීඩි තැටි 2200 ක් සහ ප්‍රවාහණය සඳහා යොදාගත් මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද(23) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.