ජයලලිතා බෝයාවට පයින් ගහයි

ජයලලිතා බෝයාවට පයින් ගහයි

July 22, 2014   04:37 pm

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේ බෝයාවන් පිහිටුවීම සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය ගෙන ආ යෝජනාවකට තමිල්නාඩුව විරුද්ධත්වය පළ කර තිබේ.

ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති ඉන්දීය අන්තර් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කර ඇත.

ජාත්‍යන්තර මුහුදු සීමාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින ගැටලුව නිරාකරණය වී නොමැති අවස්ථාවක ඉන්දීය මධ්‍යම රජය ගෙන ආ අදාළ යෝජනාව උචිත නොවන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය පවසා තිබේ.

එමෙන්ම කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් බවට මදුරාසි අධිකරණයක් විසින් පසුගියදා ගෙන ආ තීන්දුවේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයකදීම ඊට අදාළ ලිපි යොමුකළ බව ද ජයලලිතා ජයරාම් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.