හිටපු මන්ත්‍රී මැරුණේ ආර්ථික අහේණියෙන්ද?

හිටපු මන්ත්‍රී මැරුණේ ආර්ථික අහේණියෙන්ද?

July 22, 2014   03:03 pm

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ගාල්ල, විලේවත්ත, හාලිවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගෙලවැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 59 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

ආර්ථික දුෂ්කරතා මත මොහු සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය පැවසුවේය.