නකල්ස් රක්ෂිත ගින්නෙන් අක්කර 50 ක් විනාශයි

නකල්ස් රක්ෂිත ගින්නෙන් අක්කර 50 ක් විනාශයි

July 22, 2014   01:27 pm

ඡායා රූ-චන්දන උඩුවාවල



නකල්ස් රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 50 ක පමණ ප්‍රමාණයක් විනාශවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ දිනයේ සිට ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් එම්.ජී.ඒ තිලකරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය,පොලීසිය,ප්‍රදේශවාසීන් සමග එක්වූ බව හෙතෙම කියා සිටියි.

නකල්ස් රක්ෂිතයේ හුන්නස්ගිරිය නගරයට ඉහළින් වන ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන තිබේ.