2014 ඡන්ද නාමලේඛනයට විරෝධතා දැක්වීමට මාසයක්
July 22, 2014 11:21 am
2014 ඡන්ද හිමි නාමලේඛනය ලබන ඔක්තෝබර් මස 30 වන දින සහතික කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
2014 ඡන්ද හිමි නාමලේඛනයේ බී.සී. ආකෘති පත්රය මේ වන විට ග්රාමනිලධාරීවරුන් විසින් දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලට ලබාදෙමින් සිටින බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව එම කටයුතු අගෝස්තු මස 15 වන දින අවසන් වීමට නියමිතය.
ඉන් අනතුරුව 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ දින 28 ක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
ඉන් අනතුරුව විරෝධතා පරීක්ෂණ ආරම්භ කිරීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පරීක්ෂණ අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් 2014 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබෙනු ඇත.