මන්ත්‍රී නිල්වලා ඇප පිට නිදහස් - ඇප මුදල රු.1500 යි
July 22, 2014 11:13 am
කුරුණෑගල, අඹකොටේ ග්‍රාම නිලධාරීවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ හෙවත් නිමල් විජේසිංහ යන ඇප මත නිදහස් වී තිබේ.
අදාළ මන්ත්‍රීවරයා අද(22) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් පසු අධිකරණය විසින් රු.1500 ක මුදල් ඇපයක්ද, ලක්ෂයක ශරීර ඇපයක්ද මත නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
කොස්ගසක් කැපීම පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ නොහොත් නිල්වලා විජේසිංහ යන අය විසින් මෙම ග්‍රාම නිලධාරීවරයාට පහරදී ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ දිනයේ මාධ්‍යයට පවසා තිබුණේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියද මන්ත්‍රීවරයා නිවසින් පළාගොස් සිටින නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.
ආනන්ද විමලසිරි නමැති එම ග්‍රාම නිලධාරීවරයා පසුගිය 19 වැනිදා ප්‍රහාරයට ලක්ව තිබුණේ අඹකොටේ ග්‍රාමනිලධාරී වසමේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට පෙර කපා ඉවත් කළ යුතු බවට සලකුණු කළ කොස් ගසක් කිසියම් පිරිසක් විසින් නීති විරෝධීව කපන බවට ලැබුණු තොරතුරකට අනූව එය පරික්ෂා කිරීමට ගිය විටදීය.
ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට ගිය විට ගස කපමින් සිටි අය පවසා ඇත්තේ තමන් නිල්වලා විජේසිංහ මන්තී‍්‍රවරයාගේ පිරිසක් බැවින් තමන්ගේ කටයුතු වලට අතපෙවීමෙන් වළකින ලෙසටය.
අනතුරුව ඔවුන් මන්ත්‍රීවරයාට මේ ගැන දුරකථනයෙන් දැනුම්දී ඇති අතර එවිට මන්ත්‍රීවරයා දුරකථනය ග්‍රාමනිලධාරිවරයාට ලබාදෙන පවසා ඇත.
එවිට රාජකාරීයකට පැමිණි අවස්ථාවේ එම දුරකථනයට පිළිතුරු දීම ග්‍රාමනිලධාරිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව එම ස්ථානයට පැමිණ ඇති මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදී ග්‍රාමනිලධාරිවරයාට පහරදී ඇතැයි සඳහන්ය.
ප්‍රහාරයට ලක්වූ එම ග්‍රාම නිලධාරීවරයා මේ වනවිටත් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.