මිරිස් කුඩු ගන්නේ බලාගෙනයි

මිරිස් කුඩු ගන්නේ බලාගෙනයි

July 22, 2014   11:09 am

හාල් පිටි, පාන් පිටි, රෙදි වර්ණකාරක, යොදා නිෂ්පාදනය කළ මිරිස් කුඩු කිලෝ ග්‍රෑම් 15,000ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ මිරිස් ඇඹරුම් හලකින් සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

එසේ නිෂ්පාදනය කළ මිරිස් කුඩු තොග හැටන් හා අවිස්සාවේල්ල ප්‍රදේශවලට අලෙවිය සඳහා යවා ඇති බවත්, මෙම ඇඹරුම්හල පවත්වාගෙන ගිය පුද්ගලයින්ගෙන් මේවන විට ප්‍රශ්න කරන බවත්, පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රීක් වැටලීම් අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කළුතරආරච්චි මහතා පවසයි.