ස්ත්‍රී දූෂණයට එරෙහිව තොණ්ඩමනුත් නැඟිටියි

ස්ත්‍රී දූෂණයට එරෙහිව තොණ්ඩමනුත් නැඟිටියි

July 22, 2014   10:43 am

වතුකරය පුරා අද (22) දින වැඩ වර්ජන කරමින් ප‍්‍රධාන නගරවල උද්ඝෝෂණ සිදුකරන ලෙස ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ සාමාජිකයන්ට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

රත්නපුර, රක්වාන ප‍්‍රදේශයේ පාසැල් දැරියක ස්ත‍්‍රී දුෂණයට ලක් කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට තීරණය කර ඇති බව අප වාර්තාකරු පැවසීය.