වසර 28ට පසු ඉන්දියාව ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ජයක් ලබයි

වසර 28ට පසු ඉන්දියාව ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ජයක් ලබයි

July 21, 2014   08:38 pm

ලෝඩ්ස් පිටියේදී වසර 28ට පසුව ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් විය.

ඒ එංගලන්ත කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 95කින් ලැබූ ජයග්‍රහණයත් සමගය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 295ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 319ක් ලබා ගත්තේය.

යළි දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 342ක් ලබාගත් අතර ඒ අනූව එංගලන්තයට මෙම තරඟය ජය ගැනීම සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 319කි.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 223ක් පමණි.