සයුරෙන් එතෙර
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පුටුව අතහරී
July 15, 2014 09:04 am
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් විලියම් හේග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊයේ රාත්‍රී ඔහුගේ ට්විටර් ගිණුමේ අදාළ ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලයේ සිදුකර ඇති වෙනස්කම් වලට අනුව විලියම් හේග් පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස පත් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇත.
වසර හතරක කාලයක් විලියම් හේග් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.
විලියම් හේග්ගෙන් පුරප්පාඩු වන විදේශ ලේකම් ධුරය සඳහා ආරක්ෂක ලේකම් පිල්ප් හැමන් පත් කරනු ඇති බව වාර්තා වෙයි.