ලෝක පාපන්දු කිරුළ ජර්මනියටයි

ලෝක පාපන්දු කිරුළ ජර්මනියටයි

July 14, 2014   06:37 am

මෙවර ලෝක පාපන්දු කිරුළ හිමි කරගැනීමට ජර්මනිය සමත්විය.

ඒ ගෝල 01ට 0 ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරමිනි. තරගය ඊයේ රාත්‍රීයේ බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ හි දි ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

අවසන් මහා තරගයේ අතිරේක කාලය අවසන් විමට මිනිත්තු 07කට පෙර ජර්මනියේ මාරියා ගොට්සේ ජයග්‍රාහි ගෝලය වාර්තා කළේය.

ජර්මනිය ලෝක කුසලාන පාපන්දු ශූරතාවක් හිමිකරගත් සිව්වන අවස්ථාව මෙයයි.

ජර්මනිය අවසන් වරට ලෝක කුසලාන පාපන්දු ශූරතාවක් හිමිකරගෙන ඇත්තේ 1990 වසරේදීය.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් සපත්තුව සම්මානය හිමි කරගැනීමට කොලොම්බියාවේ ජෙම්ස් රොඩ්රිමගස් සමත්විය.

ඔහු තරග 05කදී ගෝල 06ක් ලබාගැනීමට සමත්ව තිබේ.