බඹර ප්‍රහාරයකින්  පුද්ගලයෙක් මියයයි

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි

July 13, 2014   04:58 pm

හුන්නස්ගිරිය, මීමුරේ ප්‍රදේශයේදි බඹර ප්‍රහාරයකට ලක්වු පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

අද(13) පෙරවරුවේ රිටිගහඇල්ල වත්ත ප්‍රදේශයේ ගම්මිරිස් කැඩීමට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.