නැවත දැනුම් දෙන තෙක් දකුණට දිනකට පැය 10ක් ජලය නෑ

නැවත දැනුම් දෙන තෙක් දකුණට දිනකට පැය 10ක් ජලය නෑ

July 13, 2014   07:34 am

අද(13) සිට නැවත දැනුම් දෙන තෙක් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට දිනකට පැය 10 බැගින් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වීරකැටිය, යක්කලමුල්ල, රැකව, මැදමූලන, මුරුතවෙල, ජුලම්පිටිය, ඕමාර, හිඟුරුමුලන, ඉත්තදෙමළිය, මුල්කිරිගල, මන්ඩාඩුව, කපුගම්පොත, කටුවැව, පඹුරාව, පල්ලෙකන්ද, ගලහිටිය, වළස්මුල්ල ආදි ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලසැපයුම මෙලෙස අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.

අද පෙරවරු 6.00 යේ සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.