බ්‍රසීලයට 3ත් නැතිවෙයි

බ්‍රසීලයට 3ත් නැතිවෙයි

July 13, 2014   07:26 am

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරඟයෙන් සත්කාරක බ්‍රසීලය පරදවා ජය ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

එහිදී බ්‍රසීලය නෙදර්ලන්තය අතින් පරාජයට පත්වූයේ 3ට 0ක් වශයෙනි.

බ්‍රසීලය අවසන් පූර්ව තරඟයේදීත් ජර්මනිය අතින් 7ට 0ක් ලෙස පරාජයට පත්විය.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහ තරඟය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිත අතර ආර්ජන්ටිනාව හා ජර්මනිය අවසන් තරඟයට තරඟ වැදීමට නියමිතය.