කාඩ්බෝඩ් පෙට්ටියක දමා බිළිඳු දරුවෙක් මාර්ගය අසළ දමා ගිහින්
July 12, 2014 03:14 pm
කටුනායක, වල්පොළ මාර්ගය අසළ අතහැර ගොස් තිබු බිළිඳකු කටුනායක පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක දමා අතහැර ගොස් තිබියදී මෙම බිළිඳා සොයාගත් බව පොලිසිය පවසයි.
මාස එකහමාරක් පමණ වයසැති පිරිමි දරුවෙකු මෙලෙස සොයාගෙන තිබේ.
එම බිළිඳා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලිසිය සඳහන් කරයි.
බිළිඳා අතහැර ගිය පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.