ආපන ශාලාවේ මුදලාලි පෝයදාට බිස්නස් කරන්නේ එහෙමලු

ආපන ශාලාවේ මුදලාලි පෝයදාට බිස්නස් කරන්නේ එහෙමලු

July 11, 2014   10:24 am

වැඩි මිලට අලෙවි කිරීම සඳහා බලපත්‍ර රහිතව මත්පැන් බෝතල් 32ක් ළග තබා ගෙන සිටි බව කියන නවගත්තේගම නගරයේ ආපන ශාලාවක් පවත්වාගෙන යන අයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් උපාය දූතයෙකු යොදවා මත් පැන් මිලදී ගැනීමෙන් පසුව ඊයේ රාත්‍රීයේ මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු විසින් පවත්වාගෙන යන ආපන ශාලාවේ කාලයක පටන් රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව අලෙවි කරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

විශේෂයෙන්ම රට බීම හල් වසා දමන පුරපසොළොස්වක පොහෝය දින වලදී සැකකරු තම ආපන ශාලාවේ සඟවා තබා ගෙන සිටින මත්පැන් වැඩි මිලට අලෙවි කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

පොලිස් ඇප මත මුදා හැර ඇති සැකකරුට එරෙහිව ආණමඩුව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලීසිය කියයි.

නවගත්තේගම පොලිස් ස්ථානාධිපති නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.