ඌව අද මැදියමේ විසුරුවයි

ඌව අද මැදියමේ විසුරුවයි

July 11, 2014   09:41 am

ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රියේ දී විසුරුවා හැරීමට නියමිත බව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව පළාත් සභාව විසුරුවා හරින ලෙස පළාත් ආණ්‌ඩුකාර සී. නන්ද මැතිව් මහතාගෙන් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලා සිටීමට නියමිතය.

ඒ යටතේ පළාතේ ආණ්‌ඩුකාරවරයා විසින් අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කරනු ඇත.

ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මස 2 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇතත් ඊට පෙර විසුරුවා හැරීම මෙලෙස සිදුකෙරේ.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වැනිදා හෝ 13 වැනිදා ඡන්ද විමසීම සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.