ලංකාවේ කුකුළු මස් හා බිත්තර අපනයනයට යළි අවස්ථාව

ලංකාවේ කුකුළු මස් හා බිත්තර අපනයනයට යළි අවස්ථාව

July 11, 2014   09:02 am

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුකුළු මස් සහ බිත්තර සඳහා පනවා තිබු තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

පක්ෂි උණ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් සහ බිත්තර එරටට ආනයනය කිරීම අත්හිටුවා තිබුණි.

ශ්‍රී ලංකාව පක්ෂි උණ රෝගයෙන් තොර රටක් බවට තහවුරු වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මෙම තහනම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.