5000 නෝට්ටු ජාවාරම - නෝට්ටු 300ක් මාට්ටු

5000 නෝට්ටු ජාවාරම - නෝට්ටු 300ක් මාට්ටු

July 11, 2014   08:47 am

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ව්‍යාජ මුදල් නෝට්ටු සියයකට වැඩි සංඛ්‍යාවක් ළග තබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටුවක් සමග බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරු වලට අනුව සිදුකළ විමර්ශන වලදී සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේ.