කුරුණෑගල දැඩි සත්කාරයත් ලෙඩවෙයි
July 10, 2014 04:42 pm
කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ශෛල්‍ය රෝගීන් සඳහා භාවිතයට ගැනෙන දැඩි සත්කාර ඒකකය හෙට (11) සිට දින 3ක් වසා තැබෙන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා පවසයි.
එම ඒකකයේ ඔක්සිජන් වායු කාන්දුවක් මෙන්ම එහි උපකරණ පිරිසිදු කිරීම ද අරමුණු කර ගනිමින් මෙම පියවර ගත් බව හෙතෙම පැවසීය.
රෝහලේ තවත් දැඩි සත්කාර ඒකක 3ක් ඇති බැවින් ශෛල්‍යකර්ම ඇතුළු හදිසි අවශ්‍යතා සඳහා රෝගීන් එම ඒකක වෙත යොමු කරන බවද රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.