මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට නියෝගයක්

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට නියෝගයක්

July 10, 2014   12:57 pm

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට අද (10) නියෝගයක් ලබාදී තිබේ.

ඒ සෙරන්ඩිබ් හජ්ජි වන්දනාකරුවන්ගේ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුවය.

හජ්ජි වන්දනාකරුවන් වෙනුවෙන් සෞදියෙන් ලබාදෙන කෝටා ක්‍රමයෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව කියමින් සෙරන්ඩිබ් හජ්ජි වන්දනාකරුවන්ගේ සංගමය මෙම නඩුව පවරා ඇත.

ඒ අනූව ලබන 14 දක්වා කිසිදු හජ්ජි වන්දනාකරුවන්ගේ සංගමයකට කෝටා ලබාදීම අත්හිටුවමින් අගවිනිසුරුවරයා එම නියෝගය ලබාදී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.