බැග්ඩෑඩයෙන් මළ සිරුරු 53ක් හමුවෙයි
සයුරෙන් එතෙර

බැග්ඩෑඩයෙන් මළ සිරුරු 53ක් හමුවෙයි

July 10, 2014   08:56 am

බැග්ඩෑඩයේ දකුණු දිග ෂියා ප්‍රදේශයක තිබී ඝාතනයට ලක්වු පුද්ගලයින් 50 කට වැඩි පිරිසකගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

බාබිල් ප්‍රාන්තයේ හම්සා අල් ගහර්බි ප්‍රදේශයට පිටතින් වන ස්ථානයක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 53 ගේ මළ සිරුරු මෙලෙස සොයාගෙන ඇති අතර ඔවුන්ගේ හිසට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

කෙසේ වෙතත් මෙම ඝාතනයට ලක්වු පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සහ කුමණ හේතුවක් මත ඝාතනයට ලක් කළේ ද යන්න පිළිබද මේ වනතෙක් තොරතුරු වාර්තාවී නැත.