දෙවැනි තරඟයේ ජය ශ්‍රී ලංකාවටයි

දෙවැනි තරඟයේ ජය ශ්‍රී ලංකාවටයි

July 9, 2014   10:11 pm

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 87ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට වේලාවකට පෙර සමත් විය.

මහනුවර පල්ලේකැලේ පැවැති මෙම තරඟයේ පළමුවෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර 49.2දී රැස් කළේ ලකුණු 267කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 86ක්ද මහේල ජයවර්ධන ලකුණු 48ක්ද ලබාගත්තේය.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 38.1දී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 180කි.

හෂීම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවැනි එක්දින තරඟයේදීත් ශතකයක් ලබා ගනු ලැබුවද ශ්‍රී ලංකාව හමුවේ පරාජයෙන් බේරීමට එය ප්‍රමාණවත් නොවීය.

ඔහු අද තරඟයේදී ලකුණු 101 ලබා ගැනීමට සමත් වූ අතර පන්දුවෙන් දස්කම් පෑ තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3ක් දවා ගත්තේය.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ඒ අනූව දෙපිළම 1ට1ක් වශයෙන් ඉදිරියෙන් සිටින අතර තෙවැනි තරඟය ලබන 12 වැනිදා හම්බන්තොට පැවැත්වීමට නියමිතය.