දකුණු අප්‍රිකාව ලකුණු 304යි

දකුණු අප්‍රිකාව ලකුණු 304යි

July 6, 2014   02:00 pm

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලකුණු 304ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවාර පනහා අවසානයේ කඩුළු 5ක් දැවි දකුණු අප්‍රිකාණු කණ්ඩායම අදාළ ලකුණු සංඛ්‍යාව රැස්කර ගන්නා ලදී.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ හෂීම් අම්ලා සිය 13වන එක්දින ශතකය ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 61 ලබා දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.