ප්‍රංශයේ හිටපු ජනපති අත්අඩංගුවේ
සයුරෙන් එතෙර

ප්‍රංශයේ හිටපු ජනපති අත්අඩංගුවේ

July 1, 2014   04:57 pm

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසී අත්අඩංගුවට ගෙන තිබේ.

යුධ ව්‍යාපාරය සඳහා අරමුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයෙකු මාර්ගයෙන් තොරතුරු ලබා ගැනීමට නිකොලස් සාර්කෝසී උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එම සිදුවිම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් 2017 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින නිකොලස් සාර්කෝසී හට කැළලක් වනු ඇත.