VIDEO: Nature force මනුසත් දෙරණ-ONE MILLION TREES...

VIDEO: Nature force මනුසත් දෙරණ-ONE MILLION TREES...

August 28, 2016  

Bookmark and Share
"සොබාදම් බලකායේ කොටස්කරුවෙකු වන බවට මම අද දිනයේ ප‍්‍රතිඥා දෙමි. මම මාගේ පවුලට, මිතුරන්ට මෙන් මාතෘභූමියේ ඇති සියළුම ගහකොළට ආදරය කරමි, රැකබලා ගනිමි, ගෞරව කරමි. ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි. මා සොබාදම් බලකායේ විරුවෙක් වීම ගැන ආඩම්බර වන අතර මම මාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම මේ ප‍්‍රතිඥාව රැකීමට දිවුරා පොරොන්දු වෙමි"

මනුසත් දෙරණ "පැළ ලක්ෂ 10ක් සිටුවීමේ වැඩසටහනට" සමගාමීව 2015 මිහිකත රූ රැජින ලෙස කිරුළු පැළදි ඇංජලියා ඔන්ග් දෙරණ මාධ්‍ය ජාලයේ ආරාධනයෙන් ලංකාවට පැමිණ තිබේ. මනුසත් දෙරණ රුක් රෝපණ වැඩසටහන අද(28) දිනෙන් ආරම්භ වුණි.2015 මිහිකත රූ රැජින තරගයේ තෙවන ස්ථානයට පත් අමෙරිකානු ජාතික බ්‍රිට්නි පෙයෙන් ද , ඇංජලියා ඔන්ග් සමග මෙම අවස්ථාවට එක්ව තිබේ.

ඡායාරූ-කසුන් දීගොඩගමගේ