නිධන් සෙවූ 2ක් කොටු

නිධන් සෙවූ 2ක් කොටු

April 25, 2014   09:15 am

පුරාවස්තු ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොබෙයිගනේ, විතිගුලිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

කොබෙයිගනේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන් ආණමඩුව, විතිගුලිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද(25) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.